වර්ඩ් ඇසුරින් සකසන ලියවිල්ලකට හෙවත් ඩොකියුමන්ට් එකකට විවිධ හැඩතල යොදා ගන්නටත්,ඒවයේ ප්‍රමාණය,පෙනුම සහ පිහිටුම යනාදිය වෙනස් කර ගන්නටත් පුලුවන.එසේම යොදා ගන්නා හැඩතල වල බෝඩර් මෙන්ම වර්ණය වුවද වෙනස් කරගෙන ඒවා ඩොකියුමන්ට් එකට ගැලපෙන සේ සකස් කර ගන්නට පුලුවන.මෙසේ හැඩතල යොද ගන්න විට අනුගමනය කල යුතු පිළිවෙල,ඩොකියුමට් එකකට පින්තූරයක් යොදා ගන්න විට අනුගමනය කරන පිලිවෙලට වඩා වෙනස්ය.
මෙම වැඩ කරන අකාරය හුරුවීම පිණිස අලුත් මයික්‍රොසොෆ්ට් වර්ඩ් ලියවිල්ලක් විවෘත කරගන්න.එහි වර්ඩ් රිබන් පැනලයේ නිරයසයෙන්ම හෝම් ටැබ් එක විවෘත වී තිබේ.දැන් විවෘත කර ගත් ඩොකියුමන්ට් එකට හැඩතල එක් කර ගැනීම පිණිස ඉන්සර්ට් ටැබ් එක සිලෙක්ට් කරන්න.
එහි ඉලස්ට්රේෂන් ටැබ් සෙක්ෂන් එක යටතේ තිබෙන ශේප්ස් අයිකනය මතට මව්ස් පොඉන්ටරය ගෙන ගිය විට,එහි විස්තර කියවෙන ඩ්‍රෝ අෂේප්ස් නම් ටූල් ටිප් බොක්ස් එක විවෘත වෙයි.එහි පහලින් ඇති "ටෙල් මී මෝ" යන්න මත ක්ලික් කර මෙම ටූල් එක ගැන වැඩි විස්තර කියවා දැන ගත හැක.දැන් මෙම අයිකනය මත මවුසයෙන් ක්ලික් කර විට විවිධ හැඩතල ඇති ඩ්‍රොප්ඩවුන් මෙනුවක් පැමිණේ.එය හරහා ගොස් හැඩතලයක් තෝරා ගත හැක.
මෙහි රීසන්ට්ලි යූස්ඩ් ෂේප්ස් සෙක්ෂන් එක යටතේ මෑතකදී යොද ගත් හැඩතලවලින් කීපයක් දක්වයි.ඊට අමතරව ලයින්ස්,රෙක්ටෑන්ගල්ස්,බේසික් ෂේප්ස්,බ්ලොක් අරෝස්,ඊක්වේෂන් ෂේප්ස්,ෆ්ලෝචාට්ස්,ස්ටාර්ස් අන්ඩ් බනර්ස් සහ කෝලවුට්ස් ලෙස හැඩතල වර්ගීකරනය කර හැඩතල රැසක් දක්වා ඇත.ඒ අතරින් යම් හැඩතලයක් මත මවුසයෙන් ක්ලික් කර විට මවුස් පොඉන්ටරය ධන ලකුනක හැඩය ගනී.
මෙම ධන ලකුණ සහිත මවුස් පොඉන්ටරය ඩොකියුමන්ට් එකෙහි යම් තනක තබා ක්ලික් කර විට කලින් තෝරාගෙන එයට සම්බන්ධ කර ගත් හැඩතලය ඩොක්යුමන්ට් එකට යොදවයි .මෙම හැඩතල සිලෙක්ට් වී ඇති විට රිබන් එකෙහි ස්වරූපය වෙනස් වී ඩ්‍රෝවින් ටූල් යටතේ ෆෝමැට් නම් තැඹිලි පැහැති ටැ එකක් රිබන් එකට එක්වී පෙන්වයි.
ටෙක්ස්ට් බොක්ස් සකසා ගැනීම
ඩොකියුමන්ට් එකක සමන්ය ජේද වශයෙන් වචන ටයිප් කරනවාට අමතර වශයෙන්,ඉන් වෙන්කර වෙනමම බොක්ස් එකක් තුලදී අලුත් ඩොකිඋමන්ට් එකක්දී වචන යොදා හසුරුවන්නාක් සේ ටෙක්ස්ට් හසුවන්නට අවශ්‍ය නම් එවිට ටෙක්ස්ට් බොක්ස් යොදා ගත යුතුය.මේ සදහා ටෙක්ස්ට් බොක්ස් හැඩතලය යොද ගත යුතුය.මෙය සාමන්‍යයෙන් රීසන්ට්ලි ෂේප්ස් යටතේ මෙන්ම බේසික් ෂේප්ස් ටැබ් සෙක්ෂන් යතතේද තිබෙන අයිකන් එකකි.
දැන් මේ ටෙක්ස්ට් බොක්ස් යන්න මත ක්ලික් කරන්න.ඒ සමගම කලින් කීවාක් මෙන් මවුස් පොයින්ටරයේ හැඩය වෙනස් වෙයි.ඉන් පෙන්වන්නේ උස සහ පළල ඇති රූපයක්ය යන්න හැගවීම පිණිස සිරස් දිගු රේඛාව කෙටි තිරස් රේඛාවකින් කැපී ගියක් සේ පෙනෙන මවුස් පොයින්ටරයකි.දැන් මේ ම්වුස් පොයින්ටරය ඩොකියුමන්ට් එකෙහි තබා,ක්ලික් කර අවශ්‍ය ප්‍රමාණ්යේ සෘජුකෝණාස්රයක් ඇද ගන්න.ඉන් අනතුරුව එම සෘජුකෝණාස්රයක් මත ක්ලික් කරන්න.එවිට එය සිලෙක්ට් වෙනවා පමණක් නොව ඒ තුල වචන ටයිප් කළ හැකි බව පෙන්වන කර්සරයක්ද මතු වෙයි.එනම් මෙය ටෙක්ස්ට් බොක්ස් එකකි.
හැඩතල ලබා ගැනීම
ඩොකියුමන්ට් එකට යම් හඩතලයක් එක් කර ගැනීම පිණිස ඉන්සර්ට් ටැබ් එක මත ක්ලික් කර ටූල් බරය ලබා ගන්න.එහි ශේප්ස් අයිකන් එක මත ක්ලික් කර විට පෙන්වන,කලින් කී විවිධ හැඩත අතරින් කැමති හැඩතලයක් තොරා ගෙන ඩොකියුමන්ට් එක මත අවශ්‍ය තනක් ක්ලික් කරන්න.එවිට එය එතැනට යෙදවෙයි.මෙහිදී ඔබ තොරාගෙන තිබෙන්නේ තරු හැඩයක් නම් නිරායසයෙන්ම එය නිල් පහැයෙන් ලැබෙයි.එසේම මෙම හැඩතලයේ වටේට මයිම් රේඛාවක් හෙවත් අවුට්ලයින් එකක් නැත.
හැඩතලයේ වර්ණය වෙනස් කිරීම
හැඩතලයේ වර්ණය වෙනස් කිරීම පිණිස FORMAT > DRAWING TOOLS > Shapes Styles වෙත යා යුතුය.එහි ඇති Colored Fill නම් අයිකන් එකෙහි පසෙකින් ඇති ඩ්‍රොප් ඩවුන් ඊතලය මත ක්ලික් කරන්න.එහි ඇති වර්ණ අතරින් කැමති වර්ණයක් මත ක්ලික් කරන්න.එවිට එය හැඩතලයට යෙදවෙයි.මෙහිදී තෝරා තිබෙන්නේ Subtle Effect Orange, Accent 2 යන වර්ණයයි.